Showing posts with label Stories. Show all posts
Showing posts with label Stories. Show all posts

Tuesday, September 8, 2015

ඒ අපූරු ආකාශය


අළු පැහැයත් කළු පැහැයත් මුසු වූ අඳුරෙහි සුලලිත ලීලාවන් තැනිතලාවේ සන්ධ්‍යා සමය සිපගද්දී ගෝනුන්ගේ ඇස් නිල් පැහැයෙන් බැබළෙන්නට විය. මිහිදුම හීන් සුළඟ හා මුසු වී ගසා එන්නට පටන් ගත් තැන කුඩා තණ පඳුරු ශීතෙන් හිස නවා ගති.

තැන්න එපිටින් දෙව්ලොවෙහි විදුලි බුබුළු දල්වෙන'යුරු නොදුටු විලාසෙන් කඳුකරයට ඇහිපිය සැලිය හැකි වෙද? ඒ අපූරු ආකාශය ජීවිතයේ ඇති ඉතාම සොඳුරු බව පුරවාගෙන රාත්‍රී සාදයට සූදානම් වෙමිනි! අඳුරත් ආලෝකයත් එකට මුසු වූ තැන, බලන්න මන්දහාසීව වලාකුළක ඇති හැඩ!

ඒ ආකාශය දැන් අතීතයය. එහෙත්, එය මැවූ සෞන්දර්යය සදාකල්හිම අධ්‍යාත්මය වසා පවතින්නේය.

Picture -
© Kusal Kanushka Suraweera